Sunday, May 19, 2024
Home » ධාව­නය වෙමින් තිබූ ත්‍රිරෝද රථ­යක් මහ­ම­ඟදී අළු

ධාව­නය වෙමින් තිබූ ත්‍රිරෝද රථ­යක් මහ­ම­ඟදී අළු

by damith
May 6, 2024 1:16 am 0 comment

නෝට­න්බ්‍රිජ් සිට නුව­ර­එ­ළිය දක්වා ධාව­නය කළ ත්‍රිරෝද රථ­යක් නානු­ඔය උඩ­ර­දැල්ල ප්‍රදේ­ශ­යේදී ඉකුත් 3 වැනි දින පස්ව­රුවේ ප්‍රධාන මාර්ග­යේදී ගිනි­ගෙන විනාශ වී ඇති බව නානු­ඔය පොලි­සිය පැව­සිය.

ගිනි ගැනී­මට ලක් වූ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එක­ව­රම ත්‍රිරෝද රථයේ පිටු­ප­සින් ගින්නක් හට ගැනී­මත් සමඟ ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනා ත්‍රිරෝද රථ­යෙන් බැසී­මත් සම­ඟම ත්‍රිරෝද රථය සම්පූ­ර්ණ­යෙන්ම ගිනි­ගෙන විනාශ වී ඇති බවයි පොලි­සිය කියා සිටියේ. ත්‍රිරෝද රථය අධික ලෙස රත්වී එහි ඉන්ධන කාන්දු­ව­කින් ගින්න හට­ගෙන ඇති බවට නානු­ඔය පොලි­සිය සැක කරයි.

නොර්වුඩ් - රංජිත් රාජ­පක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT