Sunday, May 19, 2024
Home » වැස්සට සේදුණු කහ-කොළ සටන යළිත් අද
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20

වැස්සට සේදුණු කහ-කොළ සටන යළිත් අද

by damith
May 6, 2024 1:16 am 0 comment

විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ඉලක්ක කර­මින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන තුන්කොන් පුහුණු විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඊයේ රාත්‍රියේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ තෙවැනි තර­ගය වර්ෂාව හේතු­වෙන් පන්දු­වක් හෝ නොයවා අත්හැර දැමී­මට සිදු විය.

ඒ අනුව කුසල් මෙන්ඩිස් නාය­ක­ත්වය දෙන කහ පිල සහ ජනිත් ලිය­නගේ මෙහෙ­ය­වන කොළ පිල අතර එම තර­ගය අද යළිත් පස්වරු 2.00ට ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැ­ත්වී­මට නිය­මි­තය. මේ අතර පෙරේදා පැවති තර­ගා­ව­ලියේ දෙවැනි තර­ග­යෙන් චරිත් අස­ලංක නාය­ක­ත්වය දෙන රතු පිල හමුවේ කොළ පිල කඩු­ල්ල­කින් පරා­ජ­යට පත්විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කොළ පිල කඩුලු 9ක් දැවී ලකුණු 151ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා­ගිය රතු පිල පන්දු­වක් ඉති­රිව තිබි­යදී ජය හිමි කර ගත්තේ කඩු­ල්ලක් පම­ණක් ඉති­රිව තිබි­ය­දීය.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT