Sunday, May 19, 2024
Home » හිස වසා­ගත් අයෙක් මන­ම්පි­ටිය රෝහ­ලට ඇතුළු වී සේව­ක­ය­කුට කඩු­ව­කින් කොටා දොර ජනෙල් කුඩු කරලා

හිස වසා­ගත් අයෙක් මන­ම්පි­ටිය රෝහ­ලට ඇතුළු වී සේව­ක­ය­කුට කඩු­ව­කින් කොටා දොර ජනෙල් කුඩු කරලා

by damith
May 6, 2024 1:17 am 0 comment

පොලො­න්න­රුව මන­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහ­ලට පෙරේදා (4) අලු­යම හිස වසා­ගත් පුද්ග­ල­යකු ඇතුළු වී එහි සේව­ක­යෙ­කුට කඩු­ව­කින් කොටා, පහ­රදී රෝහලේ ප්‍රධාන කාර්යා­ලයේ දොර­ව­ල්වල හා ජනෙ­ල්වල වීදු­රු­ව­ලට පහ­රදී අලා­භ­හානි සිදු­කර ඇති බව මන­ම්පි­ටිය පොලි­සිය පව­සයි.

මෙම පහ­ර­දී­මෙන් තුවාල ලබා ඇත්තේ රෝහලේ සෞඛ්‍ය සේව­ක­යකු වන කෝර­ලේ­වත්තේ ගෙදර නිසාද් රෝහණ බණ්ඩාර යන 59 හැවි­රිදි අයෙකු බව පරී­ක්‍ෂණ පව­ත්වන මන­ම්පි­ටිය පොලි­සිය පව­සයි.

මීට දින කිහි­ප­ය­කට පෙරදී මන­ම්පි­ටිය ප්‍රදේ­ශයේ කුඹුරු වැඩ කර­මින් සිටි අවු­රුදු තිස්දෙ­කක් වය­සැති එක්දරු පියකු මන­ම්පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ඔහු පොලො­න්න­රුව රෝහ­ලට මාරු කර යැවී­මෙන් පසු මිය ගොස් තිබේ.

එම මර­ණය රෝහලේ සෞඛ්‍ය සේව­ක­යින්ගේ නොසැ­ල­කි­ල්ලෙන් සිදුවූ මර­ණ­යක් බවට ඥාතීන් චෝදනා නඟන අතර, එම සිදු­වීම පද­නම් කර­ග­නි­මින් පුද්ග­ල­යකු පැමිණි සේව­ක­යාට සහ රෝහලේ දේප­ළ­ව­ලට අලාභ හානි කර­න්නට ඇති බවට සැක පළ කරන බව මන­ම්පි­ටිය පොලි­සිය සඳ­හන් කළේය.

මෙම සිද්ධි­යට සම්බන්ධ පුද්ග­ල­යන් දෙදෙ­නෙකු කඩු­වක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර සිද්ධිය පිටු­පස තවත් කිහිප දෙනෙකු සිටින බවද ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විශේෂ විම­ර්ශන කට­යුතු ආරම්භ කර ඇති බව මන­ම්පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

මන­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිල­ධාරී දීපාල් අසංක මහ­තා­ගෙන් මේ පිළි­බඳ විම­සී­මේදී සඳ­හන් කළේ අදාළ පුද්ග­ලයා අලු­යම් කාලයේ රෙදි කැබැ­ල්ල­කින් හිස වසා­ගෙන රෝහ­ලට ඇතු­ළත් වී රෝහල් සේව­ක­යෙ­කුට කඩු­ව­කින් පහ­රදී, තුවාල සිදු­කර ඇති බවත් ජනෙල් දොර­ව­ල්වල වීදුරු කඩා රුපි­යල් ලක්ෂ­යක පමණ අලා­භ­හානි සිදු­කර ඇති බවය.

කුඹුරු වැඩ කර­මින් සිටි පුද්ග­ල­යෙකු හදි­සියේ ලෙඩ වීමත් සමඟ මන­ම්පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු ඔහු වැඩි­දුර ප්‍රති­කාර සඳහා පොලො­න්න­රුව රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇති බවත්, එම සිද්ධිය රෝහ­ලට පහර දීමේ සිද්ධි­යට සම්බ­න්ධ­යක් නොමැති බවත්, පහර දුන් පුද්ග­ලයා එල්.ටී.ටී.ඊ සංවි­ධා­නයේ හිටපු සාමා­ජි­ක­යෙක් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බවත්, පහ­ර­දී­මට හේතුව තමන් නොදන්නා බවද දීපාල් අසංක මහතා සඳ­හන් කළේය.

සිරි­පුර මදු­ශානි අබේ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT