Sunday, May 19, 2024
Home » යක්ක­ලදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු නම ගිය අප­රා­ධ­ක­රු­වෙක්

යක්ක­ලදී අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු නම ගිය අප­රා­ධ­ක­රු­වෙක්

අයිස්, විදේශ මුදල් හා රන් භාණ්ඩ තොග­ය­කුත් තිබිලා

by damith
May 6, 2024 1:17 am 0 comment

යක්කල පොලි­සිය විසින් ඉකුත්දා රාත්‍රි­යේදී සැක කට­යුතු ලෙස ගමන් කර­මින් සිටි පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 6500ක්, විදේශ මුදල් හා රන් භාණ්ඩ තොග­යක් භාර­යට ගත් බව යක්කල පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අධි­ක­රණ නියෝ­ග­යෙන් සති­යක කාල­යක් රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඔහු ලියා­ප­දිංචි අප­රා­ධ­ක­රු­වකු බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත. ඔහු රත්න­පුර, ඇහැ­ලි­ය­ගොඩ, පැල්ම­ඩුල්ල, අවි­ස්සා­වේල්ල හා ගම්පහ යන ප්‍රදේ­ශ­වල නිවාස බිඳ දේපොළ සොර­කම් කිරීමේ චෝදනා රැසක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා­හැර සිටින බවත් ඔහුට වරෙන්තු හයක් නිකුත්ව තිබෙන බවත් ඉහත කී ප්‍රදේ­ශ­වල පොලි­සි­ව­ලට අව­ශ්‍යව සිටින පුද්ග­ල­යෙකු බවද මෙහිදී අධි­ක­ර­ණය හමු­වේදී පොලි­සිය ප්‍රකාශ කර සිටි­යේය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන තිස්වෙනි වියෙහි පසු­වන සැක­කරු මැයි මස 17 වැනි දින දක්වා රිමන්ඩ් භාර­යට පත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඔහුව මැයි 06 වැනි දින අවි­ස්සා­වේල්ල අධි­ක­ර­ණ­ය­ටත් මැයි 13 වැනි දින ගම්පහ අධි­ක­ර­ණ­ය­ටත් ඉදි­රි­පත් කරන ලෙසට බන්ධ­නා­ගා­ර­යට නියම කළාය. යක්කල පොලි­සියේ නිම­ල්සිරි මහතා පැමි­ණිල්ල ඉදි­රි­පත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT