Thursday, May 16, 2024
Home » 2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය ඇරඹෙයි

2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය ඇරඹෙයි

by chanaka
April 29, 2024 10:12 am 0 comment

2024 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය ඇරඹේ. එය බෙයිජිං නුවර Shougang උද්‍යාන කලාපයේ දී ඉකුත් 27වැනිදා ආරම්භ විය.

“විද්‍යාත්මක සිහින, අනාගතය නිර්මාණය කිරීම” තේමාවෙන් යුත් මෙවර සම්මේලනය ප්‍රධාන අංශ හතරක් යටතේ ඇති ක්‍රියාකාරකම් 18 කින් සමන්විත වේ. සමාරම්භක උත්සවය, සාකච්ඡා මණ්ඩප, කර්මාන්ත ප්‍රවර්ධනය සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සතිය එම ප්‍රධාන අංශ 4 යි.

චීන විද්‍යා ප්‍රබන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන විසින් ඒකාබද්ධව සකසන ලද ‘2024 චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්ත වාර්තාව’ එහිදී නිකුත් කෙරිණ. ඒ අනුව, 2023 වසරේ චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ සමස්ත ආදායම චීන යුආන් බිලියන 113.29 කි. එය 2022 වසර හා සැසඳීමේ දී 29.1% ක වර්ධනයක් වීම කැපීපෙනේ.

චීන විද්‍යා ප්‍රබන්ධ කර්මාන්තයේ වාර්ෂික ආදායම චීන යුආන් බිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT