Thursday, May 16, 2024
Home » ශෙන්චොව් -17 ගගනගාමීන් යළි පෘථිවියට පැමිණීමට සූදානම්

ශෙන්චොව් -17 ගගනගාමීන් යළි පෘථිවියට පැමිණීමට සූදානම්

by chanaka
April 29, 2024 1:46 pm 0 comment

ශෙන්චොව් -17 සහ ශෙන්චොව් -18 අභ්‍යවකාශ යානාවල කාර්ය මණ්ඩල ගගනගාමීහු කක්ෂගත වගකීම් භාරදීමේ උත්සවයක් පවත්වති. ඔවුන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යතුර හුවමාරු කරගත් බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ඊයේ (28) නිවේදනය කළේය.

ගගනගාමීන් තිදෙනෙකුගෙන් යුතු ශෙන්චොව් -17 යානයේ කාර්ය මණ්ඩලය මේ වන විට සැලසුම්ගත සියලු මෙහෙයුම් සම්පූර්ණ කර ඇත. ඔවුන් හෙට (30) එම යානයෙන් දොංෆෙං ගොඩබැසීමේ මධ්‍යස්ථානයට පැමිණීමට නියමිතය. එම පිරිස පිළිගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද අභ්‍යවකාශ ඒජන්සිය කියාසිටී.

මෙම ගගනගාමීන් පෘථිවියට පැමිණෙන්නේ ෂෙන්චොව් – 18 යානයේ ගගනගාමීන් තිදෙනාට අදාළ කාර්යභාරයන් පැවරීමෙන් පසුව යි. ෂෙන්චොව් – 18 යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ ඉකුත් 26 වැනිදා යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT