Thursday, May 16, 2024
Home » ඇල්ල කරඳගොල්ල නායයෑම් වැළැක්වීමට පියවර

ඇල්ල කරඳගොල්ල නායයෑම් වැළැක්වීමට පියවර

by yasara
April 29, 2024 4:10 pm 0 comment

ඇල්ල කරදගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නාය යාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරිදි ජල සීරාවකින් බැස ගලා යාමේ විශේෂ  වැඩපිළිවෙළක් අද (29) දියත් කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ගේ මෙහෙයවීම උපදෙස් මත    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගේ යෝජනාවන් අනුව  භූවිද්‍යායන් ගේ තාක්ෂණික උපදෙස් මත  ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පොලිසිය , ප්‍රාදේශීය සභාව , දියතලාව යුදහමුදා නිලධාරීන් ගේ සහ  ගම්වාසීන්ගේ  මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින්ගේ  සහය මත මෙම වැඩපිළිවෙළ සිදු කල බවද හෙතෙම කීය.

මෙම නාය යාමට ලක්වූ ස්ථානයේ රැදී එකතු වෙමින් පවතින ජලය නිසි පරදි බැස යාමට කානුවක් කපා තාක්ෂණික මෙන්ම භූවිද්‍යා යන්ගේ උපදෙස් අනුව ජලය බැස යාමට සැලසූ බවත් , මේවනවිටත් මීට පෙර ගලා ගිය බොරදිය ජලපහර අඩුවෙමින් ජලයේ  බොරදිය පැහැය ද නැතිවී ගොස් තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

ඒ  අනුව මෙම කෙටි කාලින වැඩපිළිවෙළ සාර්ථක බවත් ,  2019 වසරේ නාය යාම ආරම්භ වූ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම ඉකුත් 24 වන දින යලි සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පැවති අතර , ඉන් ඇල්ල  වැල්ලවාය ප්‍රධාන මාර්ගයට දැඩි අවධානම් තත්ත්වයක් මතුව  තිබිණැයි උදයකුමාර මහතා පැවසීය .

වර්ෂාව නොමැති ව දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පවතින මොහොතේ පවා කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාමට ලක්වූ ස්ථානයේ විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බවත් ,මේ වනවිටත් අක්කර 15 ක පමණ භූමිය නාය යාමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සදහන් කළේය .

 

.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT