Home » කටුනායක ප්‍රභූ පර්යන්තයේ භටයෙකුගේ ගිණි අවිය පත්තු වෙයි – වහළට හානී

කටුනායක ප්‍රභූ පර්යන්තයේ භටයෙකුගේ ගිණි අවිය පත්තු වෙයි – වහළට හානී

by yasara
April 30, 2024 12:01 pm 0 comment

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය අද (30) දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

අද  උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ .

කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ  අමුත්තන් සහ මුදල් ගෙවා මෙම පහසුකම් ගුවන් තොටුපොළෙන් ලබා ගන්නා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙම පර්යන්තය හරහා නිරත නිතර ගමන් ගැනීම සිදු කරති .

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව  එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT