Home » පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 දී බිලියන ගණනින් ලාභයක් ලබයි

පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 දී බිලියන ගණනින් ලාභයක් ලබයි

by chanaka
April 30, 2024 4:46 pm 0 comment

2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතුවූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය වඩා ඵලදායී මට්ටමට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකවත්වය ලබා ගැනීමට රජය කටයුතු කරන බව පෙන්වා දෙන සේමසිංහ අමාත්‍යවරයා කියා සිටින්නේ එමගින් රජයට සිය මූලික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බවයි. විශේෂයෙන් ම ජනතාවගේ බදු මුදල්වල ඵලදායීතාව තහවුරු කිරීමට එමගින් අවස්ථාව සැලසෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ යටිතල් පහසුකම් වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට එමගින් අවස්ථාව සැලසෙන බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ඒවායේ අකාර්යක්ෂමතාව අවම වන අතර දේශපාලන මැදිගත් වීම ද ඉවත් යන බවයි සේමසිංහ මහතා පවසන්නේ. එමගින් අදාළ ආයතනවලට වෙළෙඳපොල තත්ත්වයන් මත තීන්දු තීරණ ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරවන අතර එය වඩාත් තරගකාරී සහ තිරසාර ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට අවස්ථාව උදාකරවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT