Home » තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ප්‍රති­ලාභ අව­භා­විත කිරීම ගැන විම­ර්ශ­න­යක්

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ප්‍රති­ලාභ අව­භා­විත කිරීම ගැන විම­ර්ශ­න­යක්

ඇමැති මහින්ද අම­ර­වී­ර­ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මා­න­වල පවුල් සඳහා ලබා දී ඇති ප්‍රති­ලාභ අව­භා­විත මෙන්ම නිසි ලෙස ප්‍රයෝ­ජ­න­යට නොගත් අය පිළි­බඳ වහාම විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා අමා­ත්‍යාංශ නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇත.

ඇතැම් ගම්මා­න­වල ප්‍රති­ලා­භීන් තමන්ට ලබා දුන් ප්‍රති­ලාභ වෙනත් පාර්ශ්ව­ලට අලෙවි කර ඇති බව­ටත් ලබා දුන් උප­ක­රණ මෙන්ම පැළ හා බීජ නිසි ලෙස ප්‍රයෝ­ජ­න­යට නොගෙන විනාශ වෙන්නට ඉඩ හැර ඇති බව­ටත් තොර­තුරු කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශ­යට වාර්තා වී තිබිණි. මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ ඇමැති අම­ර­වීර මහතා මේ ප්‍රති­ලාභ නිසි ලෙස යොදා නොගන්නා පුද්ග­ල­යන් හා පවු­ල්ව­ලට මින්පසු කිසිදු ප්‍රති­ලා­භ­යක් ලබා නොදෙන ලෙසත් මේ පිළි­බඳ විම­ර්ශ­න­යක් කරන ලෙසත් දැනුම් දී තිබේ. තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ­පි­ළි­වෙළ යටතේ දැනට හම්බ­න්තොට, වවු­නි­යාව, මොන­රා­ගල. ගාල්ල හා කුරු­ණෑ­ගල මෙන්ම අනු­රා­ධ­පුර දිස්ත්‍රික්ක කිහි­ප­යක ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන ලෙස සංව­ර්ධ­නය කිරීම ආරම්භ කර තිබේ. විශේ­ෂ­යෙන් තරුණ ප්‍රජාව කෘෂි­ක­ර්මා­න්තය සඳහා ආක­ර්ෂ­ණය කර ගැනීම සඳහා ඔවුන්ට නව කෘෂි තාක්ෂ­ණය හඳුන්වා දීම මෙන්ම නව බීජ වර්ග, අස්වනු අලෙවි කර ගැනීම සඳහා වෙළෙ­ඳ­පොළ හඳුන්වා දීම ආදි කට­යුතු රැසක් ක්‍රියා­ත්මක කර ඇත. එමෙන්ම මෙම සෑම කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මා­න­ය­කම පිහිටි වැව් පද්ධ­ති­යම ප්‍රති­සං­ස්ක­ර­ණය කරනු ලබන අතර ගොවි­ප­ළ­ව­ලට ජලය ලබා ගැනීම සඳහා වාරි පහ­සු­කම්ද ස්ථාපිත කිරී­මට පිය­වර ගෙන ඇත. මීට අම­ත­රව ආර­ක්ෂිත ගෘහ තුළ වගා කිරීම, විසිරි ජල තාක්ෂ­ණික උප­ක­රණ, බින්දු ජල තාක්ෂ­ණික උප­ක­රණ මෙන්ම දුරස්ථ පාල­නය මඟින් ක්‍රියා­ත්මක කළ හැකි ආර­ක්ෂිත ගෘහ හඳුන්වා දීම ද මෙම වැඩ­පි­ළි­වෙළ යටතේ මෙම ගම්මාන 11 තරුණ ප්‍රජා­වට ලබා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT