Home » ජන­ප­ති­ව­ර­ණ­යට දෙමළ ජාතික අපේ­ක්ෂ­ක­යෙක්

ජන­ප­ති­ව­ර­ණ­යට දෙමළ ජාතික අපේ­ක්ෂ­ක­යෙක්

ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේම­ච­න්ද්‍රන්

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

ලබන ඔක්තෝ­බර් මුල් සති­යේදී පැවැ­ත්වී­මට යෝජිත ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා දෙමළ ජාතික අපේ­ක්ෂ­ක­යෙක් අනි­වා­ර්ය­යෙන්ම ඉදි­රි­පත් කළ යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේම­ච­න්ද්‍රන් මහතා ප්‍රකාශ කර ඇත.

මේ වන විට ප්‍රධාන පක්ෂ 7කින් 7 දෙනෙකු ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් බවද කියති. දැනට තරග කිරී­මට යෝජිත 7 දෙනා­ගෙන් දිලිත් ජය­වීර, ජානක රත්නා­යක සහ ඉෂාන් ජය­ව­ර්ධන යන තිදෙනා මේ දක්වා රට තුළ ප්‍රාදේ­ශීය සභා­වක, නගර සභා­වක හෝ පළාත් සභා­වක කිසිම නියෝ­ජ­න­යක් කර නැති බවද සඳහන්ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් නොකර සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහ­යෝ­ගය දැක්වී­මට යෝජිත බවද පැවසේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා කවුද යන්න පිළි­බඳ මෙවර බොරැල්ල කැම්බල් උද්‍යා­නයේ පැවැ­ත්වෙන මැයි දින (1) රැලි­යේදී ප්‍රකා­ශ­යට පත් කරන බව කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මැද කොළඹ ප්‍රධාන සංවි­ධා­යක අජන්ත ලිය­නගේ මහතා පැව­සීය.

මැද කොළඹ සමූහ - ආරි­ය­රත්න ගනේ­ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT