ලබන ඔක්තෝබර් මුල් සතියේදී පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික අපේක්ෂකයෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර ඇත.
මේ වන විට ප්‍රධාන පක්ෂ 7කින් 7 දෙනෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවද කියති. දැනට තරග කිරීමට යෝජිත 7 දෙනාගෙන් දිලිත් ජයවීර, ජානක රත්නායක සහ ඉෂාන් ජයවර්ධන යන තිදෙනා මේ දක්වා රට තුළ ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ පළාත් සභාවක කිසිම නියෝජනයක් කර නැති බවද සඳහන්ය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් නොකර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට යෝජිත බවද පැවසේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න පිළිබඳ මෙවර බොරැල්ල කැම්බල් උද්‍යානයේ පැවැත්වෙන මැයි දින (1) රැලියේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක අජන්ත ලියනගේ මහතා පැවසීය.