Thursday, May 15, 2025
Home » ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද සිට තුන්කොන් සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අද සිට තුන්කොන් සටනක

by sachintha
May 2, 2024 3:17 am 0 comment

තරග කාලසටහන

අද (2): කහ – රතු (ප.ව. 7.00)

4 දා: රතු – කොළ (ප.ව. 7.00)

5 දා: කහ – කොළ (ප.ව. 7.00)

8 දා: රතු – කහ (පෙ.ව. 10.00)

10 දා: කොළ – රතු (පෙ.ව. 10.00)

11 දා: කොළ – කහ (පෙ.ව. 10.00)

 

ලබන මස පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තුන්කොන් පුහුණු තරගාවලියක් සංවිධාන කර තිබේ.

මෙහි දී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ 42ක් කහ, රතු සහ කොළ ලෙස කණ්ඩායම් 3කට බෙදා විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලිය අද සිට 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ තරගාවලියෙන් ලෝක කුසලාන තරගාවලියට එක් වන අවසන් සංචිතය තෝරා ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ තරගාවලියේ දී කහ පිල ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග මෙහෙයවන අතර, රතු කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා විස්සයි20 උපනායක චරිත් අසලංක කටයුතු කරයි. කොළඹ කණ්ඩායමේ නායකත්වය ජනිත් ලියනගේට හිමිව තිබේ.

කහ කණ්ඩායම: වනිඳු හසරංග (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු මධුසංක, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුෂංක, ළහිරු කුමාර, දිනුර කළුපහන.

රතු කණ්ඩායම: චරිත් අසලංක (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ළහිරු සමරකෝන්, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චමත් ගෝමස්, ප්‍රමෝද් මධුෂාන්, නිමේෂ් විමුක්ති, ලසිත් කෲස්පුල්ලේ.

කොළ කණ්ඩායම: ජනිත් ලියනගේ (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, ලක්ෂාන් සඳකැන්, ඉෂිත විජේසුන්දර, ගරුක සංකේත්, ශෙවෝන් ඩැනියෙල්, කසුන් රාජිත.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT