Home » ජ’පුර සරසවිය අසළින් කෝටි 15ක මත්ද්‍රව්‍ය අල්ලයි

ජ’පුර සරසවිය අසළින් කෝටි 15ක මත්ද්‍රව්‍ය අල්ලයි

by chanaka
May 2, 2024 11:40 am 0 comment

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති පුද්ගලයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී සිදුකරන ලද විශේෂ වැටලිමකදීයි අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි පහළොවකට අධික බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

මොහු වසර 02 ක පමණ කාලයක සිට කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT