Friday, May 16, 2025
Home » මහවැලි ගංඉවුර ඛාදනය වැළැක්වීමට උණ පැළ රෝපණ වැඩසටහනක්

මහවැලි ගංඉවුර ඛාදනය වැළැක්වීමට උණ පැළ රෝපණ වැඩසටහනක්

by mahesh
May 3, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේවික්‍රම මහතා උණ පැළයක් රෝපණය කළ අයුරු.

මහවැලි ගංඉවුර ඛාදනය වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස උණ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Zero Plastic සංසදය සහ මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ විශ්වවිද්‍යාලයේ සරසවි මැඳුර නේවාසිකාගාරය අසල මහවැලි ගං ද්‍රෝණියේ උණ පැළ රෝපණය කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගේ සහ මහවැලි අධිකාරියේ වන සහ පරිසර සංරක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිල්මිණී ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමයේ අනුශාසක, ආචාර්ය සෙනාල් වීරසූරිය මහතා ඇතුළු එම සංගමයේ සාමාජික සාමාජිකාවන් ද, විශ්වවිද්‍යාලයේ සරසවි මැඳුර නේවාසිකාගාරයේ පාලක, ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උණ පැළවලට අමතරව මහවැලි ගංඉවුරේ මී සහ කුඹුක් පැළ රෝපණය කිරීම ද සිදු වූ අතර මේ පැළ සඳහා අනුග්‍රාහකත්වය පේරාදෙණිය ලංකා බැංකුවෙන් දී තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT