උතුරු මැද පළාත ඇතුළුව රට පුරා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත්, සමූහ වශයෙන් සිටින ස්ථානවලදී මුඛ ආවරණ පලඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
“මේ වෛරසය ශ්වසන ආශ්‍රිතව හටගන්නා නිසා කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ සහ ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇති වෙනවාත. මේ වෛරස් තත්ත්වය දින දෙක තුනකින් සමනය වුවත් ඇතැම් රෝගීන්ට කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු ශ්වසරෝග මාසයක් දෙකක් පමණ පවතිනවා.
මේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක්. හැකිතාක් දුරට රෝගය වැලඳුණු අයගෙන් ඈත්ව සිටීමත්, කණ්ඩායම් සහ සමූහ වශයෙන් එක්වන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීමත් මේ රෝගය වළක්වා ගැනීමට ඉවහල් වෙනවා.
අනුරාධපුරයේ පමණක් නොව රට පුරා මේ උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යනවා. එය වෛරසයක් වුවත් ප්‍රතිකාර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනාව. ප්‍රතිකාර නොකිරීමෙන් තදබල ලෙස ශ්වසනාබාධ ඇති විය හැකියි. ප්‍රතිකාර නොගැනීමෙන් සහ නොසැලකිලිමත්කමෙන් මේ රෝගය සමාජයේ ව්‍යාප්ත වීම වැඩි වෙනවා.”