ශ්‍රී ලංකාවේ අධිකරණමය ක්‍රියාවලිය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ දියුණුව සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාදක විශෝධක දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත රාජකාරී කටයුතු ඉටුකිරීමේදී පහසුකම් සපයාගත හැකි පරිගණක යන්ත්‍ර පනහක් සහ අවශ්‍යකරන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදීමේ උත්සවයේදීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමැතිවරයා මෙසේ ද පැවසීය.
බොහෝ රටවල මෙන්ම මෙරට බන්ධනාගාරයන් තුළද වඩා වැඩි තදබදයක් තිබෙනවා. එම හේතුව නිසා රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදු වී තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර හා අපරාධ වැඩසටහනේ ප්‍රධානී siri Bjune, එම සංවිධානයේ අන්තර් කලාපීය උපදේශක හා කණ්ඩායම් ප්‍රධානී Phillipp Meissner, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහත්ම මහත්මීන් සහ අධිකරණ අමාත්‍යාංශය, ප්‍රජාපාද විෂෝදක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.