Home » පළාත් කිහිපයක උණුසුම වැඩි වෙයි

පළාත් කිහිපයක උණුසුම වැඩි වෙයි

by mahesh
May 3, 2024 1:00 am 0 comment

උතුරු, උතුරු-මැද පළාත්වලත් මඩකළපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(03) දිනයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(03) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිත කරන ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT