Home » කෝටියක වංචාවට නාවික ලුතිනන් කමාන්ඩර් දැලේ

කෝටියක වංචාවට නාවික ලුතිනන් කමාන්ඩර් දැලේ

by mahesh
May 3, 2024 1:00 am 0 comment

රුපියල් කෝටියකට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ලුතිනන් කමාන්ඩර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නාවික සෙබළුන්ට ලබා දෙන සලාක දීමනාවට අදාළව සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා විසින් සිදු කරන ලදැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නාවික හමුදාව මඟින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (2) කමාන්ඩර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාගේ විමසීමේදී පැවැසුවේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ලුතිනන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් ඔහු විසින් වංචා කළ මුදල කොපමණදැයි ස්ථිර වශයෙන් කීමට අපහසු බව ද හෙතෙම කීවේය.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT