Sunday, May 11, 2025
Home » කොළඹ පාක් රෝඩ් කතගෙන් ඩොලර් ලක්ෂ දෙකහමාරක් වංචා කළැයි විමර්ශන

කොළඹ පාක් රෝඩ් කතගෙන් ඩොලර් ලක්ෂ දෙකහමාරක් වංචා කළැයි විමර්ශන

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ව්‍යාජ විද්‍යුත් තැපැල් මඟින් පණිවිඩ යොමු කර ව්‍යාපාරික අවස්ථා සැලැසීමට යැයි පවසා ව්‍යාපාරිකාවකගෙන් අමෙරිකානු ඩොලර් දෙලක්ෂ තිස්පන්දහසකට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (02) කරුණු වාර්තා කර ඇත.

කොළඹ 05, පාක් රෝඩ්, ගුණතිලක ගාඩ්න් පදිංචි තේෂානි වීරක්කොඩි යන අය විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය ඒකකයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා විසිනි.

ව්‍යාපාරික අවස්ථා සලසා දෙන බවට සඳහන් කරමින් පැමිණිලිකාරියගේ විද්‍යුත් තැපෑලට ව්‍යාජ අන්දමින් පණිවිඩ යොමු කර ඇති බවත් පසුව එමඟින් පැමිණිලිකාරියට අයත් අමෙරිකානු ඩොලර් 23,4720.37ක මුදලක් කිසියම් අයකු විසින් වංචාසහගත අන්දමින් ලබාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව එම ඊමේල් සම්බන්ධයෙන් සහ දුරකතන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා කැඳවමින් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT