Saturday, May 18, 2024
Home » 16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක් කෙරේ

16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක් කෙරේ

by damith
May 4, 2024 1:16 am 0 comment

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධාන කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදි. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani Tyres මෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය.

මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ ජයග්‍රහණය Auto World (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදි. විශිෂ්ටතම බලයලත් අමතර කොටස් අලෙවි නියෝජිතයාට හිමි සම්මානය Viskam Motors Service Center (Pvt ) Ltd වෙත හිමි වූ අතර හොඳම සේවා දාමය ලෙස Sterling Automobiles Lanka (Pvt) Ltd සම්මාන දිනා ගත්තේය. Toyota Genuine Motor Oil කාණ්ඩය යටතේ A.R. Molly (Pvt) Ltd ජයග්‍රහණය දිනා ගත් අතර බස්නාහිර පළාතේ ටයර් සහකරුට හිමි ජයග්‍රහණය හිමිවූයේ U & H Wheel Service (Pvt) Ltd වෙතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT