Saturday, May 18, 2024
Home » එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක හේමාස් පාර්ශ්වකරුවකු වේ

එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක හේමාස් පාර්ශ්වකරුවකු වේ

by damith
May 4, 2024 1:14 am 0 comment

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම්හි, ස්වාභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශ්වකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි. මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවට පිරිනමන ලද UN Decade of Restoration සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට පාත්‍ර වූ පාර්ශ්වකරුවන් අතරට එක් වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සතුට පළ කරයි.

වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) විසින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙත 2021 වසරේ දී යොමු කළ ආරාධනාවකට ප්‍රතිචාර දක්වමින්, දංකොටුව හේමාස් නිෂ්පාදන ස්ථානය ආසන්නයේ පවතින තෝරා ගත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම හේමාස් විසින් අවබෝධ කර ගන්නා ලදි.

ජෛව විවිධත්වය සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන පාරිසරික වගකීම් සමුදායක් ඉටු කරමින් පරිසරය සංරක්ෂණය සඳහා කඩොලාන පරිසර පද්ධති සිදු කරන වටිනා කාර්යභාරය හේමාස් විසින් තවදුරටත් අවබෝධ කර ගන්නා ලදි.

මෙම ගෞරව සම්මානය පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි කළමනාකාර අධ්‍යක්ෂිකා, සබ්‍රිනා එසුෆලි, ‘හේමාස් විසින් පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එම මෙහෙවර අගයමින් 2024 වසර සඳහා UN Decade of Restoration සම්මානයෙන් හේමාස්හි අපි පිදුම් ලැබීම අපට මහත් ගෞරවයක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT