Home » සා/පෙළ ලියන්න කලින් කෝවිලට ගිය සිසුවාට වුණ දේ

සා/පෙළ ලියන්න කලින් කෝවිලට ගිය සිසුවාට වුණ දේ

by yasara
May 6, 2024 4:25 pm 0 comment

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට පෙර  ආගමික චාරිත්‍ර ඉටු කිරිමට කෝවිලකට ගිය බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති  ශිෂ්‍යයෙකු අද (06) උදෑසන නොසිතු ලෙස මරුමුවට පත් විය.

ආර් හරිනාත් නමැති  මෙම සිසුවා තම පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත යන අතරතුර කොවිලට ගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි .

ප්‍රදේශයේ තිබුණු කෝවිලට ගිය විට  එම අවස්ථාවේදී පපුව රිදෙන බව තම පියාට පැවසු හරිනාත් එම ස්ථානයේ  බ්ම ඇලවි තිබේ .ආගමික චාරිත්‍ර ඉටු කිරිමටත් පෙර ඔහු හදිසියේ අසනිපව තිබේ .

ඒ අසළ සිටි ආරක්ෂක නිළධාරියෙකුගේද උදව්වෙන් ත්‍රිරොද රථයකින්  මාරතැන්න ප්‍රාදේශීය  රෝහලට සිසුවා ඔහුගේ පිය විසින් ගෙනවිත් තිබේ .

නමුත් අවාසනාවන්ත ලෙස හරිනාත් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස්  සිටි බව රෝහලේ බලධාරීයෙකු කීවේය .

මාරතැන්න දෙතනගල දෙමල විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලැබිය .

පින්නවල පුදුකාටුව නාවලර් දෙමළ විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයදි විභාගය ලිවිමට නියමිතව සිටියද විභාග  මධ්‍යස්ථානය වෙත පැමිණිමටත් පෙර ජීවිතයෙන් සමුගෙන ගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT