Home » හෙට උණුසුම ගැන ජනතාවට අවදානම් නිවේදනයක්

හෙට උණුසුම ගැන ජනතාවට අවදානම් නිවේදනයක්

by chanaka
May 6, 2024 7:43 pm 0 comment

හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමුකළයුතු මට්ටමක පවතින බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමුකළයුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT