Home » මේ සිද්ධි­යට මගේ කිසිම සම්බ­න්ධ­යක් නෑ
දෙම­ට­ගොඩ රෙදි කඩ­යක තරු­ණ­යකු පැහැ­ර­ගෙන ගොස් පහ­ර­දීම

මේ සිද්ධි­යට මගේ කිසිම සම්බ­න්ධ­යක් නෑ

by damith
May 6, 2024 1:03 am 0 comment
  • මගේ ආර­ක්ෂ­ක­යන් සම්බන්ධ බව දැනගත්තේ පසු­වයි
  • හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේම­චන්ද්‍ර මහා­ධි­ක­ර­ණ­යේදී කියයි

අප­රා­ධය සිදු­වූදා උදේ දොස්තර රාජිත සේනා­රත්න සමඟ ඔහුගේ කාර්යා­ලයේ සාක­ච්ඡා­වක නිර­තව හිටියා. මේ සිදු­වී­මට මගේ කිසිම සම්බ­න්ධ­යක් නැහැ. සිද්ධි­යට මගේ ආර­ක්ෂ­ක­යන් සම්බන්ධ බව දැන­ගත්තේ පසු­වයි. ඒ වෙලාවේ මම ඔවුන්ට හොඳ­ටම දොස් කිව්වා. පොලි­සි­යට ඔවුන් භාර දී අවශ්‍ය සහාය දුන්නා. ඒ අය නඩුවේ මුල් අව­ස්ථා­වේ­දීම වරද පිළි ගත්තා. උසා­විය ඔවුන්ට අත්හි­ටුවූ සිර දඬු­වම් හා දඩ මුදල් නියම කර තිබෙ­නවා යැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ කියා සිටි­යාය.

මහා­ධි­ක­රණ විනි­සුරු අමල් රණ­රාජා මහතා ඉදි­රියේ පසු­ගි­යදා (03) මෙම නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කර­මින් හිරු­ණිකා එරං­ජලී ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය තව­දු­ර­ටත් මෙසේ කිව්වාය.

මම 2015 වසරේ දෙසැ­ම්බර් 21 වැනිදා දොස්තර රාජිත සේනා­රත්න මහතා හමු­වෙන්න උදේ 9.00ට පමණ ඔහුගේ කාර්යා­ල­යට ගියා. එහිදී අප දේශ­පා­ලන සාක­ච්ඡා­වක් කළා. සාක­ච්ඡාව අව­සන් කර දහ­වල් 12.00ට – 12.30ට පමණ කොළො­න්නාවේ කාර්යා­ල­යට ආවා. එදා මහ­ජන දින­යක්. මිනිස්සු ඔවුන්ගෙ ප්‍රශ්න කියන්න, මගෙන් විස­ඳුම් ලබා ගන්න සෑහෙන පිරි­සක් ඇවිත් හිටියා. සිද්ධිය වූ දවසේ මිනිස්සු 100ක් 150ක් පමණ මගේ කාර්යා­ලයේ හිටියා. මට වැඩ අධික දව­සක්. මහ­ජ­නයා හමු­වී­මෙන් පසු කොළඹ නගර සභාවේ තිබුණු උත්ස­ව­ය­කට යා යුතුව තිබුණා.

මම කල­බ­ල­යෙන් කාර්යා­ල­යට එන විට එහි සිටි පිරිස අතර මේ නඩුවේ සෙසු විත්ති­ක­රු­වන් වන මගේ රැක­ව­ළුන් ද සිටියා. එයට අම­ත­රව අමිල ප්‍රියංග නමැති අය හා ඇන්තනි ද සිටියා. “මැඩම් මේ මිනිහා මගේ ගෑනි අරන් ගියා. එයා ආපහු ගෙනත් දෙන්න කියලා මේ මිනි­හාට කියන්න” කියලා ඇන්තනි මගෙන් ඉල්ලී­මක් කළා. මම දෙපැ­ත්තෙන්ම කාර­ණය ඇහුවා. “මම චමි­ලාව බලෙන් අර­ගෙන ගියේ නැහැ. එයා කැමැ­ත්තෙන්ම ආවා.” කියලා අමිල ප්‍රියංග කිව්වා. “මට පරක්කු වෙනවා, නගර සභාවේ උත්ස­ව­ය­කට යන්න තියෙ­නවා.” කියලා මම උත්ස­ව­යට ගියා.

පසුව දෙම­ට­ගොඩ පොලි­සි­යෙන් රෙදි කඩ­යක වැඩ කළ තරු­ණ­යකු පැහැර ගැනීමේ සිදු­වී­මට මගේ ඩිපෙ­න්ඩර් රථය යොදා­ගෙන ඇති බව දැන්වූවා. මගෙන් අහන්නේ නැතිව මේ සිදු­වී­මට ඩිපෙ­න්ඩ­රය ගෙන යෑම ගැන ආර­ක්ෂ­ක­යන්ට දොස් කිව්වා. පොලි­සි­යට අවශ්‍ය සහාය දුන්නා. උව­මනා නම් කොළො­න්නාව කාර්යා­ලයේ සීසී­ටීවී දර්ශන දෙන්න පුළු­වන් කියලා කිව්වා යැයි විත්ති­කා­රිය කියා සිටි­යාය.

2015 දෙසැ­ම්බර් 21 වැනිදා හෝ ඊට ආසන්න දිනෙක දෙම­ට­ගොඩ රෙදි­පිළි වෙළෙ­ඳ­ස­ළක සේවය කළ අමිල ප්‍රියං­කර අම­ර­සිංහ නමැති තරු­ණයා පැහැ­ර­ගෙන ගොස් අතින් පහ­රදී තුවාල කිරීම හා එයට අනු­බල දීමේ චෝද­නාව යටතේ හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය ඇතුළු විත්ති­ක­රු­වන් 9 දෙන­කුට එරෙ­හිව චෝදනා ගොනු කර ඇත. නීති­ප­ති­ව­රයා විසින් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව 2016 වසරේ ජූලි 25 වැනිදා අධි­චෝ­දනා 24ක් යටතේ නඩු පවරා තිබේ.

අධි­චෝ­දනා පත්‍ර කියවා භාර දුන් අව­ස්ථාවේ හිරු­ණිකා එරං­ජලී ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය ඇතුළු විත්ති­ක­රු­වන් තමන්ට එරෙ­හිව නඟා ඇති සියලු චෝද­නා­වන්ට නිවැ­ර­දි­ක­රු­වන් ලෙස උත්තර ද බඳින ලදි. පසුව සෙසු විත්ති­ක­රු­වන් ඔවුන්ට එරෙ­හිව නඟා තිබුණු චෝද­නා­වන්ට 2017 වසරේ නොවැ­ම්බර් 06 වැනිදා වරද පිළි ගන්නා ලදි. ඉන්පසු 9 වැනි විත්ති­කා­රි­යට විරු­ද්ධව පම­ණක් නඩු විභා­ගය ක්‍රියා­ත්මක වේ. දණ්ඩ නීති සංග්‍ර­හයේ 113 (අ), 102 වගන්ති සමඟ කිය­විය යුතු 356 වග­න්තිය යටතේ සහ 140 වැනි වග­න්තිය යටතේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට එරෙ­හිව නඩු පවරා තිබේ.

නඩුව විභා­ග­යේදී විශ්‍රා­මික සහ­කාර පොලිස් අධි­කාරී චන්ද්‍ර­ති­ලක, සහ­කාර පොලිස් අධි­කාරී නෙවිල් සිල්වා, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිමල් ප්‍රේම­ති­ල­ක‍‍‍ ­යන මහ­ත්වරු සහ කොළඹ හිටපු සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ඩී.අයි.සී. රත්නා­යක මහ­ත්මිය සාක්ෂි දීම කළහ. මෙයට අම­ත­රව දෙම­ට­ගොඩ “ලකී ප්ලාසා” වෙළෙඳ සංකී­ර්ණයේ හිමි­ක­රු­වකු වන කලීල් මොහො­මඩ් සෆ්රි යන අය ද පැමි­ණිල්ල වෙනු­වෙන් සාක්ෂි දෙන ලදි. විත්තිය ඔවු­න්ගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විම­සී­මට ලක් ක‌ළේය. සිද්ධි­යට අදාළ මුල් පැමි­ණිල්ල කළ “ලකී ප්ලාසා” වෙළෙඳ සංකී­ර්ණයේ සම­හි­මි­කරු වන ඒ.සී.එම්. මන්සූර් මේ වන විට මිය ගොස් ඇත.

විත්තිය වෙනු­වෙන් හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය පම­ණක් සාක්ෂි දෙන ලදි. දෙපා­ර්ශ්වයේ සාක්ෂි මේ වන විට ඉදි­රි­පත් අව­සන්ව ඇති බැවින් ඉදිරි නඩු දිනයේ දේශන ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. ඉන්පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ. නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් ජනක බණ්ඩාර මහතා පැමි­ණිල්ල වෙනු­වෙන්ද නීතිඥ අශාන් ප්‍රනාන්දු විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යේය.

චන්දන ජය­වීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT