Sunday, May 19, 2024
Home » වාල­ම්පුරි 2ක් විකු­ණන්න බුල­ත්කො­හු­පි­ටි­යෙන් පාලවි ආ තරු­ණ­යෙක් අත්අ­ඩං­ගු­වට

වාල­ම්පුරි 2ක් විකු­ණන්න බුල­ත්කො­හු­පි­ටි­යෙන් පාලවි ආ තරු­ණ­යෙක් අත්අ­ඩං­ගු­වට

by damith
May 6, 2024 1:03 am 0 comment

රුපි­යල් ලක්ෂ 8ක මුද­ල­කට වාල­ම්පුරි 2ක් අලෙවි කිරී­මට පුත්ත­ලම පාල­විය ප්‍රදේ­ශ­යට පැමිණි සැක­ක­රු­වකු පුත්ත­ලම කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (4) සවස අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වරා­කා­පොළ බුල­ත්කො­හු­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි 22 හැවි­රිදි තරු­ණ­යෙකි. පුත්ත­ලම නියෝජ්‍ය පොලි­ස්පති නාලක සිල්වා මහ­තාට ලැබුණු පෞද්ග­ලික තොර­තුරු මත මේ වැට­ලීම සිදු කර ඇත. අජීව බෙල්ලකු බල­ප­ත්‍ර­යක් නැතිව සන්ත­කයේ තබා­ගැ­නීමේ වර­දට අදාළ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර, ප්‍රශ්න කිරී­මේදී මේ සැක­කරු පවසා ඇත්තේ තම මවු­පි­යන් විසින් වසර ගණ­නා­ව­කට පෙර කොළඹ ප්‍රදේ­ශ­යේදී මිල දී ගෙන නිවෙසේ තබා තිබුණු බවයි. කෙසේ වෙතත් වාල­ම්පු­රිය සමඟ අත්අ­ඩං­ගු­වට ගැනුණු සැක­කරු ඊයේ (5) පුත්ත­ලම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

පුත්ත­ලම කොට්ඨාස අප­රාධ විමර්ශ අංශයේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) එච්.ආර්.ඒ. චන්ද්‍ර­සි­රි­ලාල් මහතා සමඟ (පො.කො) 68611 නිශාන්ත, 83736 ජය­සු­න්දර, 87157 සමීර, 80171 බාල­සූ­රිය (පො.කො. රියැ­දුරු) යන නිල­ධා­රීන් වැට­ලී­මට එක්ව තිබිණි.

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT