Sunday, May 19, 2024
Home » ලාල්කාන්ත සමා­ජ­වා­දය අත්හැ­රීම හොඳයි-දැන් අනු­රගේ-ටිල්වින්ගේ වාරය

ලාල්කාන්ත සමා­ජ­වා­දය අත්හැ­රීම හොඳයි-දැන් අනු­රගේ-ටිල්වින්ගේ වාරය

by damith
May 6, 2024 1:03 am 0 comment

ලාල් කාන්ත මහ­ත්තයා සමා­ජ­වා­දය අත­හැ­රීම ගැන සතුටු වන බවත් දැන් අනුර සහ ටිල්වින් මහ­ත්ව­රුන්ගේ වාරය බවත් එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහතා පැවැ­සීය.

එම පක්ෂයේ මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

සමගි ජන බල­වේ­ගය සහ ජාතික ජන බල­වේ­ගය ආර්ථික විවා­දය දෙපැ­ත්තට ඇද ඇද නොඉඳ එහි නාය­ක­යන් හා ආර්ථික කණ්ඩා­යම් අතර විවා­දය සිදු කර­න්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.

කම්කරු දිනය දේශ­පා­ලන පක්ෂ­යක් විදි­හට සම­රන්න ඕන යැයි නොහි­තන බවත් කම්කරු දිනය කළ යුත්තේ වෘත්තිය සමිති සහ කම්ක­රු­වන්ම එක­තුවී බවත් ඒ මහතා කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

සෙනඟ පැත්තෙන් ගත්තොත් ජාතික ජන බල­වේ­ගය තමයි පිළි­වෙ­ළයි, සෙන­ඟයි දෙකම. ඒක පුදු­මෙ­කුත් නැහැ. ජනතා විමුක්ති පෙර­මුණ ඔවුන්ට එක මන්ත්‍රී ධුර­ය­ක්වත් නැතු­වත්, එක්දාස් නම­සිය හැත්තෑ ගණ­න්වල විශේ­ෂ­යෙන්ම හැට­පහ, හැත්තෑව අත­රෙත් ඒ වගේම විශේ­ෂ­යෙන්ම හැත්තෑ හතෙන් පස්සෙත් ඊට පස්සේ ජවිපෙ තහ­නම් කරාට පස්සේ ඒගො­ල්ලන්ගේ වෘත්තීය සමිති හැටි­ය­ටත් එහෙම පව­ත්වලා තියෙ­නවා.

යූටි­යුබ් එහෙක එහෙම අද­හ­සක් එන විදි­හට කියලා තියෙ­නවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා…. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝ­ද­රයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහ­ත්තයා වීම ගැන අපිට හරි සතු­ටුයි. අපිත් ඕක තමයි නිර­න්ත­ර­යෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙර­මු­ණට ඔය පැරණි මාක්ස්වාදී හැව අත්හ­රින්න කියලා. සම­හරු මං දැක්කා ඒ අයගේ පෙළ­පා­ළි­වල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැලිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රග­ති­යක් පැත්තට ගත්ත පිය­ව­රක් හැටි­යට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශ­න­යක් හැටි­යට හැදෑ­රු­වට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝ­ගි­කව මහ පොළොවේ ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් දේවල් නෙමෙයි. සමා­ජ­වා­දය අව­සන් වගේ එහෙ­මත්. දැන් කොහෙ­වත් පැරණි සමා­ජ­වා­දය නැහැ. ඒ වගේ යථා­ර්ථය පිළි අර­ගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ ඔය තියෙන වෙබ් අඩ­වි­යෙ­නුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂ­යක් කියන එක අත්හැ­රලා ඔය දෑකැ­ත්තයි, මිටි­යයි අයින් කරලා, මොකද පරි­ග­ණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරි­ලන විදිහේ පක්ෂ­යක් බවට පරි­ව­ර්ත­නය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වා­ස­යක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියා­ගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමා­ණ­යට සැකය, බිය වර්ධ­නය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහ­ත්මයා එහෙම එකක් කියලා තියෙ­නවා නම්, අපි ඉතාම සතු­ටුයි දැන් අනුර දිසා­නා­යක මහ­ත්ත­යා­ගෙත්, ටිල්වින් සිල්වා මහ­ත්ත­යා­ගේත් වාරය.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT