Sunday, May 19, 2024
Home » සෙබළ බිරිය හා තහ­නම් ගහේ ගෙඩි කෑ පදි­ය­ත­ලාව OIC ට මෝල්ගස් ප්‍රහා­ර­යක්

සෙබළ බිරිය හා තහ­නම් ගහේ ගෙඩි කෑ පදි­ය­ත­ලාව OIC ට මෝල්ගස් ප්‍රහා­ර­යක්

by damith
May 6, 2024 1:20 am 0 comment
  • සෙබළ බිරි­යත් බර­ප­තළ තුවාල ලබා රෝහලේ
  • සැක­කාර සෙබළා පොලි­සි­යට භාර වෙයි

ගයාන් කුමාර වීර­සිංහ, සොර­ණා­තොට සමූහ – සී. ගමගේ, උෟව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණ­තිලක

යුද හමුදා සෙබ­ළකු එල්ල කළ මෝල්ගස් ප්‍රහා­ර­ය­කින් බර­ප­තළ තුවාල ලැබූ පදි­ය­ත­ලාව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා සහ යුද හමුදා සෙබ­ළාගේ බිරිය බර­ප­තළ තුවාල ලබා පෙරේදා (4) මහි­යං­ගණ සහ බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව පදි­ය­ත­ලාව පොලි­සිය පව­සයි. මෙසේ තුවාල ලබා ඇත්තේ පදි­ය­ත­ලාව පොලි­සියේ පොලිස් ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කර­මින් සිටි 52 හැවි­රිදි බිබිල ප්‍රදේ­ශයේ පදිංචි ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු යැයි පොලි­සිය පැවැ­සීය. ඔහු දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් පසු­වෙන බවද පොලි­සිය පැවැ­සීය.

යුද හමුදා සෙබ­ළාගේ පහ­ර­දී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ පදි­ය­ත­ලාව සර­ණ­ගම ප්‍රදේ­ශයේ පදිංචි 32 හැවි­රිදි යුද හමුදා සෙබ­ළාගේ බිරි­යද මහි­යං­ගණ රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබි­ණැයි පොලි­සිය පැව­සීය.

මෙම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා කලක පටන් මෙම සැක­කාර යුද හමුදා සෙබ­ළාගේ බිරිය සමඟ අනි­යම් සබ­ඳ­තා­වක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, සැක­කාර යුද හමුදා සෙබළා නිවෙසේ නොසිටි අව­ස්ථාවේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා එම කාන්තා­වගේ නිවෙ­සට ගොස් සිටි­යදී පෙරේදා (4) අලු­යම එක්ව­රම හොර රහසේ නිවෙ­සට පැමිණ ඇති සැක­කාර යුද හමුදා සෙබළා මෙසේ නිවෙසේ තිබූ මෝල්ග­සින් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ටත්, සෙබ­ළාගේ බිරි­ය­ටත් පහ­රදී ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය. මෙම සිද්ධි­යෙන් අන­තු­රුව සැක­කාර යුද හමුදා සෙබළා මහි­යං­ගණ පොලි­සි­යට ගොස් භාරවී ඇත. සැක­කාර යුද හමුදා සෙබළා දිය­ත­ලාව යුද හමුදා කඳ­වු­රට අනි­යු­ක්තව සේවය කරන බවද පොලි­සිය පැවැ­සීය. දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ තත්ත්වය බර­ප­තළ බවද රෝහල් ආරංචි මාර්ග පැවැ­සීය.

පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් විනය විම­ර්ශ­න­යක් පැවැ­ත්වීම සඳහා කට­යුතු කරන බවත් ඔහුව එම ස්ථාන­යෙන් ඉව­ත්කි­රී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභා­වට පොලි­ස්පති මඟින් දැනු­ම්දෙන බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය. පදි­ය­ත­ලාව පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT