Sunday, May 19, 2024
Home » නිවෙ­සට පැන්න හොරා බඩුත් සමඟ CCTV කැම­රා­වත් ගල­වා­ගෙන ගිහින්

නිවෙ­සට පැන්න හොරා බඩුත් සමඟ CCTV කැම­රා­වත් ගල­වා­ගෙන ගිහින්

by damith
May 6, 2024 12:31 am 0 comment

කොටි­කා­වත්ත දෙල්ග­හ­වත්ත පාරේ ඉසුරු උයන නිවාස සංකී­ර්ණයේ නිවෙ­ස­කට රාත්‍රි කාල­යේදී ඇතුළු වී ඇති සොරෙක් එහි තිබූ භාණ්ඩ රැසක් සොරා­ගෙන ගොස් තිබේ.

හෙයා ඩ්‍රයර් එකක්, වාහන සේදීමේ යන්ත්‍ර­යක්, ගෑස් සිලි­න්ඩ­ර­යක් සහ ආර­ක්ෂා­වට සවි­කර තිබූ CCTV කැම­රා­වක් ද ගලවා ගෙන ගොස් ඇත.

නි‍ෙවසේ හිමි­කරු මේ පිළි­බ­ඳව වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමි­ණිලි කිරී­මෙන් පසු අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉසුරු ශාමික මහතා විසින් පරී­ක්ෂණ සිදු­කොට සැක­ක­රු­වෙකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔහු­ගෙන් වැඩි­දු­ර­ටත් සිදු කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔහු විසින්ම පසු­ගිය පෙබ­ර­වාරි මාස­යේදී ද එම නි‍ෙවස කොල්ලකා ඇති බව හෙළි වී තිබේ.

සොරා ගන්නා ලද වාහන සේදී­මට ගන්නා යන්ත්‍රය මාතර වල­ස්මුල්ල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙ­කු­හට විකුණා තිබි­යදී සොයා ගෙන තිබේ. අනෙ­කුත් භාණ්ඩ ද මෙලෙස විවිධ පුද්ග­ල­ය­න්හට විකුණා තිබි­යදී සොයා ගැනී­මට හැකි වී ඇත.

මෙම සැක­ක­රුට සොරා­ගෙන තිබූ භාණ්ඩ විකි­ණීම සඳහා උදවු කළ තැනැ­ත්තෙකු ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

නිවෙස කොල්ලකෑ බව කියන සැක­කරු අත්අ­ඩං­ගු­වට පත් වන අව­ස්ථාවේ ඔහු සන්ත­කයේ තිබී හෙරො­යින් ග්‍රෑම් 2යි මිලි­ග්‍රෑම් 200ක් ද පොලිස් භාර­යට ගෙන තිබේ.

සැක­ක­රු­වන් දෙදෙ­නාම ඊයේ (05) අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගෙන තිබුණි.

මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT