Home » විඩියෝ ගේම් නිසා පුතා මවට කළ අපරාධය

විඩියෝ ගේම් නිසා පුතා මවට කළ අපරාධය

by yasara
May 7, 2024 9:46 am 0 comment

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් මරා දමන ලද සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුතා තෙලිප්පලෙයි පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන පරිදි දාසය හැවිරිදි එම තරුණයා මන්ද බුද්ධික තරුණයෙකු ලෙස හැසිරුණු බව ප්‍රදේශවාසීන් සදහන් කලත් ඔහු එම තත්ත්වයට පත්ව ඇත්තේ ජංගම දුරකතන ආධාරයෙන් සිදු කෙරෙන වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීම නිසා ඇති වූ මානසික සංකූලතාවයක් නිසා බවයි.

ස්වාමියා විදේශගතවී සිටින කාන්තාවකගේ මළ සිරුරක් යාපනයේ තෙලිප්පලෙයි නිවසක තිබී පොලීසිය විසින් පසුගිය 4 දා සොයා ගෙන තිබූ අතර මළ සිරුර කැපුම් තුවාල වලින් යුත් නිසා පොලීසිය ඒ පිළිබදව සිදු කළ පරීක්ෂණ වලදී මියගිය කාන්තාවගේ වැඩිමල් පුතා විසින් මේ ඝාතනය සිදු කරන්නට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

මියගිය කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඉන් 16 හැවිරිදි දරුවා මන්ද මානසික තත්ත්වයකින් පසුවන අයෙකි.

සිද්ධිය වූ දිනයේදී මන්ද මානසික දරුවා උල් පිහියක් ගෙන ඔහුගේම ගෙළට තබා ගෙන බොහෝ දේ කීම නිසා තමන් බියට පත්ව අසල්වැසි ඥාතී නිවස්කට ගොස් රාත්‍රියේ නිදාගත් බව අනෙක් දරුවා පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

ඔහු පසුදින උදෑසන නිවසට පැමිණ බලන විට මව මියගොස් සිටි බවත් ඇගේ සිරුරෙන් හා කටින් ලේ වහනය වී තිබූ බවත් ප්‍රකාශ කරන ඔහු ඒ වන විට තම සහෝදරයා නිවසේ නොසිටි බවත්  පවසා ඇත.

මියගිය කාන්තාවගේ නිවසේ බිත්තියක රුධිරයෙන් ලියන ලද කිසියම් වචන පෙලක් දක්නට ලබෙන නමුත් එම වචන පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකි බවද පොලීසිය සදහන් කරයි.

ලැබුණු තොරතුරු මත එම ඝාතනය සිදු කලේ මන්ද මානසික රෝගී තත්ත්වයකින් ජීවත් වූ කාන්තාවගේම වැඩිමල් පුතා බවට ලද තොරතුරු මත ඔහුව අත් අඩංගුවට ගත් තෙලිප්පලෙයි පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT