Home » මෝදි සිය ඡන්දය ප්‍රකාශ කරයි

මෝදි සිය ඡන්දය ප්‍රකාශ කරයි

by chanaka
May 7, 2024 3:45 pm 0 comment

අදියර 7ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (07) උදෑසන ආරම්භ විය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

අගමැති මෝදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට රැස්ව සිටි අතිවිශාල ජනකායක් මාර්ග අසළ රැස්ව සිටිමින් ඔල්වරසන් දෙමින් ඔහු වෙනුවෙන් සටන් පාඨ නැඟූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ද විශිෂ්ට අයුරින් ජය ගැනීමට සූදානම් වන අතර මෝදි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT