Monday, May 20, 2024
Home » ගෞරවය හා අභිමානය රැකගන්නැයි ශ්‍රී ලංකා හමුදා ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක්

ගෞරවය හා අභිමානය රැකගන්නැයි ශ්‍රී ලංකා හමුදා ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක්

by chanaka
May 8, 2024 10:48 am 0 comment

විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත විදේශීය කුලී හේවා කණ්ඩායම් වෙත ශ්‍රී ලංකාවේ රණවිරුවන් යොමු කිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙස සියලු විශ්‍රාමික රණවිරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත ගොස් තිබෙන බව මෑතකාලීනව අනාවරණය වීමත් සමඟ ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

කුලී හේවා සටන් සම්මත යුද උපක්‍රමයක් නොවන බවත් එවන් මාර්ගයන් වෙත යොමුවීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදු කිරීමේ දැඩි අවදානමක් ඇති කරන බව ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Sinhal Doc

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT