Monday, May 20, 2024
Home » නීතියේ පිහිට පතා එන ජනතාවට කාරුණිකව පිහිටවීම නිලධාරීන් සතු වගකීමක්

නීතියේ පිහිට පතා එන ජනතාවට කාරුණිකව පිහිටවීම නිලධාරීන් සතු වගකීමක්

by chanaka
May 8, 2024 4:13 pm 0 comment

නීතියේ පිහිට පතා එන ජනතාවට කාරුණිකව පිහිටවීම නිලධාරීන් සතු වගකීමක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයින් වශයෙන් බදවා ගෙන රාජ්‍ය ආයතනවල පුහුණුව ලැබු සුදුසුකම්ලත් සේවකයින් සදහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අවස්ථාවට එක් වෙමිනි.

එය අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද ( 08) පැවැත්විණි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

රාජ්‍ය සේවයට පිවිසීමට සියලු දෙනාට හැකියාවක් නොමැති බව ඔබ දන්නවා. පසුගිය කාලය තුළ රටේ පැවති ආර්ථික අර්බුදය සමග වසර පහක පමණ කාලයක සිට රාජ්‍ය සේවයට බදවා ගැනීම් සිදු කළේ නැහැ. බදවා ගැනීම් කළා නම් ඒ ඉතාමත් කලාතුරකින් බව ඔබ දන්නවා. අවශ්‍යතාවය අනුව අමාත්‍යාංශ කිහිපයක් සදහා නිලධාරීන් බදවා ගනු ලැබුවා. ඒ අතරින් අධිකරණ සේවයේ පවතින පුරප්පාඩු සදහා අවස්ථා කිහිපයකදී අධිකරණ අමාත්‍යාංශයට බහුකාර්ය සේවකයින් බදවා ගනු ලැබුවා. අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරියෙකු ලෙස පත්වීම යනු වෙනත් රාජ්‍ය ආයතනයක සේවයටත් වඩා සුවිශේෂි තත්වයක් බවත් ඔබ සියලු දෙනා අවබෝධ කර ගත යුතුයි. අනෙකුත් රාජ්‍ය සේවකයින් දෙස බලන ආකාරයටත් වඩා වෙනස් ආකාරයට ජනතාව අධිකරණ සේවයේ රාජ්‍ය නිලධාරීන් දෙස බැලීමේදී සුවිශේෂි තත්වයක් තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශය ඇතුළු අධිකරණ පද්ධතිය තුළ සේවය කරනු ලබන්නේ විනය ගරුක නිලධාරීන් බව ජනතාව විශ්වාස කරනවා. ඒ් ගෞරවය ආරක්ෂා කර ගත යුතුයි. එම තත්වය අධිකරණ අමාත්‍යවරයාගේ සිට ලේකම්වරයාගේ සිට සියලු නිලධාරීන්ගෙන් ජනතාව අපේක්ෂා කරනවා. ජනතාව අධිකරණයේ පිහිට පතා පැමිණෙන්නේ විනෝදයට නොවෙයි. යන්න තැනක් නැතිම තැන ඔවුන්ට පවතින දැවෙන ප්‍රශ්න සදහා විසදුම් සොයන්න අධිකරණයට ජනතාව එනවා.

ඒ නිසා අපි ඒ ජනතාවට පිහිටක් වෙන ආකාරයට කාරුණිකව කටයුතු කළ යුතුයි. නිලධාරීන් අක්‍රමිකතාවලට පොළඹවන සමහර අවස්ථාවාදීන් ඉන්නවා .මේ වන විට බන්ධනාගාරගතවත් ඉන්නවා. ඒ තත්වයට ඔබ පත් වෙන්න එපා. එහෙම සිදු වුවහොත් රැකියා පවා අහිමිව ඔබ අපහසුතාවයට පත්විය හැකියි. සියලු දෙනාට හිමිකර ගත නොහැකි රාජ්‍ය සේවය සදහා ප්‍රවිෂ්ට වු සියලු දෙනාට සුභ පතන අතර එහි ගෞරවය සුරක්ෂිත වන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිටින් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

බහුකාර්ය සේවක පත්වීම් 75 ක් අද දින ලබා දුන් අතර, මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් එක් වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT