Monday, May 20, 2024
Home » ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

by yasara
May 9, 2024 9:25 am 0 comment

දකුණු අප්‍රිකාවේ පැවති  විස්සයි විස්ස සහ එක් දින තරඟාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(09)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මාස දෙකක ක්‍රිකට් තරග සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි .

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“ අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා .

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු දීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පැවසූ චමරි අතපත්තු එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය , තරගයෙන් තරගය හොදට සැළසුම් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT