Monday, May 20, 2024
Home » කෝටි 04 ක රත්‍රං ජෙල් තොගයක් කටුනායක දී කොටුවෙයි

කෝටි 04 ක රත්‍රං ජෙල් තොගයක් කටුනායක දී කොටුවෙයි

by yasara
May 9, 2024 4:27 pm 0 comment

රුපියල් කෝටි හතරක් පමණ වටිනා රත්තරන් ජෙල් තොගයක් සිය සිරුරේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයෙකු අද (09) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි , ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයෙකි .

ඔහු ඊයේ  උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින්   සිය යට ඇදුම් තුළ සහ පාවහන් තුළ සගවා ගෙන කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 975 ක් බරැති රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 03 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

මේ වනවිට මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT