Monday, May 20, 2024
Home »  උතුරු කොරියාවේ ‘ගොබෙල්ස්’ මිය යයි

 උතුරු කොරියාවේ ‘ගොබෙල්ස්’ මිය යයි

by sachintha
May 9, 2024 1:30 am 0 comment

උතුරු කොරියාවේ කිම් පවුලට එරට ආධිපත්‍ය පතුරුවාලීමට විශිෂ්ට දායකත්වයක් සැපයූ කිම් පවුලේ ප්‍රවර්ධන නියමුවා වන කිම් කී නාම් මෙලොවින් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාව විසින් ‘ගොබෙල්ස්‘ නමින් හඳුන්වනු ලබන කිම් කී නාම් මිය යන විට 94 හැවිරිදි වියෙහි පසු වූ බවත්, ඔහු මිය ගියේ වයසට යෑමෙන් ඇතිවන විවිධ රෝගාබාධ හේතුවෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දෙවැනි ලෝක මහා යුද සමයේදී ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෝසෙෆ් ගොබෙල්ස් මෙන්ම උතුරු කොරියාවේ කිම් පවුලට අතිශය දැඩි පක්ෂපාතීත්වයක් දැක්වූ කිම් කී නාම් වෙනුවෙන් එරට නායක කිම් ජොන් උන් ඊයේ සිය අවසන් ගෞරවය දැක්වූ බවත් වාර්තා වේ. ගොබෙල්ස් න්‍යාය ඒ අයුරින්ම ඉටු කරමින් කිම් පවුලේ ප්‍රතිරූපය උතුරු කොරියාවේ ව්‍යාප්ත කිරීමට කිම් කී නාම් ප්‍රබල සාධකයක් බවට පත්ව සිටි බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT