Monday, May 20, 2024
Home » මිය ගිය තරුණයාගේ මරණයට වගකිවයුතුයි කියා මිතුරෝ යාපනයේ රෝහලේ භාණ්ඩ කුඩු කරති

මිය ගිය තරුණයාගේ මරණයට වගකිවයුතුයි කියා මිතුරෝ යාපනයේ රෝහලේ භාණ්ඩ කුඩු කරති

by sachintha
May 9, 2024 1:50 am 0 comment

යාපනයේ දී මාර්ග අනතුරකින් තරුණයෙකු මියයාමත් සමඟම මියගිය තරුණයාගේ මිතුරන් විසිපස් දෙනෙකු පමණ යාපනය ශික්ෂණ රෝහල තුළට කඩා වැදී රෝහලේ භාණ්ඩවලට දැඩි ලෙස හානි සිදු කොට පෙරේදා (07) පලා ගොස් තිබේ.

වියරුවෙන් පැමිණි මිතුරන් කෑ කෝ ගසමින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ වරදින් තම මිතුරා මියගිය බවයි.

කෙසේ වෙතත් තරුණයින් පහර දීම නිසා රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් යාපනය ශික්ෂණ රෝහලට සිදුව ඇති අතර, තරුණයින්ගේ පහර කෑම්වලට ලක්වූ රෝහල් සේවකයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රහාරයට පැමිණි තරුණයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT