Home » ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

by chanaka
May 9, 2024 8:25 pm 0 comment

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතාගේ නම ගැසට් කර තිබේ.

ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT