නැගෙනහිර පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තරවල තිබෙන පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බව මුහුදුමහා විහාරවාසී උඩලමත්තේ රතනප්‍රිය හිමියෝ පවසති.
මෙම වනගත පරිශ්‍රවල තිබෙන ශිලාලේඛන තවමත් කියවා නැති බැවින් එම ස්මාරක කුමන රජ සමයකට අයත් ද යන්න මේ වනතුරු අනාවරණය කරගෙන නැත. පොතුවිල, කුඹුක්කන, තිඹිරිගොල්ල, බක්මිටියාව, රඳල්ල යන වනගත ප්‍රදේශවල Òපුරාවිද්‍යා ස්මාරක සුරැකීමේ එකමුතුවේÓ නායකත්වය දරමින් තමන් සිදු කළ ගවේෂණවලදී රක්ෂිතවල වන විනාශ රැසක් නිරීක්ෂණය වී ඇත. ඊට අමතරව නිදන් ලබා ගැනීමේ අරමුණ ඇතිව පුරාවස්තුවලට ඇතැමුන් සිදු කර ඇති බරපතළ විනාශය සුළුපටු නොවන බව ද සඳහන් කළ රතනප්‍රිය හිමියෝ මෙසේ ද පැවැසූහ.
“තිඹිරිගොල්ල සහ බක්මිටියාව රක්ෂිතයේ බඩමස්තාව වනයේ පුරාවස්තු රැසක් තියෙනවා. එම ස්ථාන අවස්ථා කිහිපයකදී වරින්වර නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන අතර එහි ඇති වටිනා ශිලාලේඛන කුළුගෙඩිවලින් ගසා කඩා බිඳ දමා තිබෙනවා. විශාල ප්‍රමාණයේ ස්ථූපයක් බිමට සමතලා කර ඇති අතර එහි මධ්‍ය කොටසේ ගැඹුරට කැණීම් ද සිදු කර තිබෙනවා. මහා පරිමාණ සංඝාවාසයක් තිබුණු බවට මෙම වනගත පරිශ්‍රයේ සලකුණු තිබෙන බව ද එහි පාදම සහ මල් ආසන, සඳකඩ පහන්, එයට අයිති ගල්කණු හා ගල් පොකුණු හානියට පත්වෙලා තියෙනවා. මේ විතරක් නෙවෙයි සංගමන් කන්ද වනගත ප්‍රදේශයේත් ස්තූප හතක් පමණ තියෙනවා. මේ සඳහා රජයේ වගකිවයුතු අංශ මැදිහත් විය යුතුයි. පුරාවිද්‍යා රක්ෂිත කොටස්වල ස්මාරක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගවේෂණය කර හඳුනාගෙන සීමා නිර්ණයකට යටත් කළ යුතුයි. එසේම මෙම ස්ථාන සංරක්ෂණය කොට දෙස් විදෙස් බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉඩ සලසා දෙන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.”
දමන සමූහ කේ.ඒ. මෛත්‍රීපාල