Tuesday, May 21, 2024
Home » චීන – හං‍ගේරියානු ජනපතිවරුන් අතර හමුවක්

චීන – හං‍ගේරියානු ජනපතිවරුන් අතර හමුවක්

by chanaka
May 10, 2024 3:23 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං හං‍ගේරියානු ජනාධිපති Tamás Sulyok හමුවෙයි. එම හමුව බුඩාපේස්‍‍ට් අගනුවර සන්දෝර් මාලිගයේ දී ඊයේ (9) පැවැත්විණ.

සුන්දර හංගේරියාවට පැමිණීම සහ ජනාධිපති Tamás Sulyok හමුවීම සම්බන්ධයෙන් ෂී ජින්පිං එහිදී සිය සතුට පළ කළේය.

චීන-හංගේරියානු මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය වෙනුවෙන් Sulyok මහතාගේ දිගුකාලීන කැපවීම චීන ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය. හංගේරියාව නව චීනය පිළිගත් පළමු රටවලින් එකකි. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙරට මනා සබඳතාවක් පවත්වාගෙන තිබේ. හංගේරියානු ජනාධිපතිවරයා සමග එක්ව දිගකාලීන මිත්‍රත්වය මෙන්ම දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කිරීමට තමා සූදානම් බව ද ෂී ජින්පිං සදහන් කළේය.

චීනය සමග සහයෝගිතා පැවැත්වීම හංගේරියාවේ නොවෙනස් ප්‍රතිපත්තියක් බව, Tamás Sulyok ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීන ජනාධිපතිවරයා ලොවට ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔහුගේ ඉහළ පැසසුමට ලක්විය. එමගින් හංගේරියාවට මනා ප්‍රතිලාභ හිමි ව ඇතැයි ද හෙතෙම පැවසීය. චීන ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය දෙර‍ට සම්බන්ධතා වඩාත් ඉහළ තලයකට රැගෙන යනු ඇති බවට හංගේරියානු ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT