Home » මහදවල් හෝමාගම රන් අලෙවි සැලක් කොල්ල කයි

මහදවල් හෝමාගම රන් අලෙවි සැලක් කොල්ල කයි

by yasara
May 10, 2024 1:24 pm 0 comment

හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ  ආයතනයක් වෙත පිස්තෝල ගිනි අවියක් අතැතිව යතුරු පැදි දෙකකින්  අද (10) දින දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු විසින් එම  ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ 03 ක් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි

විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ මුදු  36 ක් සහ පෙන්ඩනට් 48 ක් ද කොල්ලකරුවන් විසින් කොල්ලකා පලා ගොස් ඇත.

එම කොල්ලයට පැමිණි සැකකරුවන් භාවිතා කල යතුරු පැදි වල ව්‍යජ අංක තහඩු භාවිතා කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වි ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT