Home » කැලණි ගඟේ දිය නාද්දී කිඹුල් මාරයාට බිලි වූ සිසුවා වෙනුවෙන් ලක්ෂ 10ක වන්දි මුදලක්

කැලණි ගඟේ දිය නාද්දී කිඹුල් මාරයාට බිලි වූ සිසුවා වෙනුවෙන් ලක්ෂ 10ක වන්දි මුදලක්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

පසුගිය ජනවාරි මාසයේ 16 වැනිදා කැලණි ගඟේ වැලිවිට තොටුපළට දිය නෑමට ගොස් සිටියදී කිඹුලකු විසින් ඩැහැගෙන යෑම නිසා මිය ගිය දිස්න ප්‍රමෝද නමැති පාසල් සිසුවාට රජයෙන් හිමිවන රුපියල් ලක්ෂ 10ක වන්දි මුදල පසුගිය 8 වැනිදා පෙරවරුවේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදි.

මියගිය දරුවාගේ මව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා අතින් රුපියල් ලක්ෂ දහයේ චෙක්පත ලබාගන්නා ලදි. මෙම වන්දි මුදල ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත වනජීවී අමාත්‍යාංශය මඟින් ලබා දුන් අතර මෙම අවස්ථාවට ආපදා නිලධාරි ගුණසේන කළුආරච්චි මහතා ද එක්ව සිටියේය.

නවගමුව සමූහ - සුගත් ප්‍රේමතිලක බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT