Tuesday, May 21, 2024
Home » සුපිරි පිතිකරුවෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

සුපිරි පිතිකරුවෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

by chanaka
May 10, 2024 3:37 pm 0 comment

නවසීලන්ත සුපිරි පිතිකරු කොලින් මුන්රෝ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ.

37 හැවිරිදි ඔහු 2020 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති අතර මෙවර T20 ලෝක කුසලාන සංචිතය අහිමි වන තෙක් කණ්ඩායමේ රැඳී සිටියේය.

එහෙත් මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයේ ස්ථානයක් අහිමි වීමෙන් පසුව කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇත.

2020 වසරේ සිට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළද ඉදිරි විස්සයි 20 ලෝක කුසලානය සඳහා මුන්රෝ සූදානමින් පසුවිය.

සංචිතය ප්‍රකාශයට පත් කරන විට තේරීම් කමිටුවේදී මුන්රෝ පිළිබඳ සාකච්ඡා කළ ද ප්‍රවීණ වමත් පිතිකරුට ඉඩක් නොමැති බව නවසීලන්ත පුහුණුකරු ග්‍රේ ස්ටෙඩ් තහවුරු කළේය.

බ්ලැක් කැප්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සැමවිටම තම ක්‍රීඩා දිවියේ විශාලතම ජයග්‍රහණය වන අතර එම ජර්සිය පැළඳීමට වඩා ආඩම්බරයක් නොමැති ප්‍රකාශ කළේය.

මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි20 තරග 65කට ක්‍රීඩා කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 14 කදී ලබා ගත් අර්ධ ශතකය වාර්තාවක් ලෙස පවතින අතර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT