FaceBook ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන | දිනමිණ

FaceBook ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන

සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.

එහි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව ය.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබේ.

සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, Facebook සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණ තව දුරට ත් සිදුකරමින් පවතින බව ය.

Facebook සමාගම සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති සයිබර් අපරාධ පිළිබඳ ඒකකය පවසයි.

මෙරට නීතිය අනුව Facebook භාවිත කිරිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත ය.

මේ අතර WhatsApp Group කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ.

එම කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ දුරකතන අංක ඔස්සේ, ඉදිරි විමර්ශන සිදුකරමින් ඇති බව ද එම ඒකකය පවසයි.

මෙවැනි තත්ත්වයක් ඉදිරියට ඇති නොවීම සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගෙන සමාජ ජාල මාධ්‍ය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීමට ක්‍රියා කරන බව ද එම ඒකකය ප්‍රකාශ කළේය.

ඒ සඳහා සහාය වීමට මේ වන විට ත් චීන සහ ජර්මන් රජයන් සිය කැමැත්ත පළ කර තිබේ.

අදහස් 3ක් ඇත

අපි මේ සදහා සෞදි අරාබිය ආදර්ශයට ගමු...රටේ වෙසෙන සියලුම..(දෙස් විදෙස්) පුරවසියන්ගේ ඇඟිලි සළකුණු ලබාගෙන විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කලයුතු අතර පුරවසියන්ගේ රුධිර සාම්පල මගින් එහි වර්ගයද අනිකුත් ස්තාවර දත්තද එයට ඇතුළත් කල යුතුයි.ඉන් අනතුරුව අන්තර්ජාල පාවිච්චි කරන හෝ ජන්ගම දුරකතන පාවිච්චි කරන සියලු දෙනාටම තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කර ජාතික හැඳුනුම්පත අනිවාර්ය කල යුතුය.ජාතික හැඳුනුම්පත නොමැතිව කිසිවෙකුටත් සිම් කාඩ් පතක් හෝ අන්තර්ජාල පහසුකම් හෝ ජන්ගම දුරකතන පාවිච්චිය සපුරා තහනම් කලයුතුය.තවද සීමිත කාලයක් දක්වා සිම් පතට අන්තර්ජාල පහසුකම ලබා ගැනීමේදී හැඳුනුම්පත් අන්කය ඩේටා කාට් පත සමග ඇතුළත් කළයුතුයි උදාහරණයක් ලෙස *1400*ඩේටා කාඩ් අන්කය*ජාතික හැඳුනුම්පත් අංකය #ok .මේ ක්‍රමවේද මගින් අන්තර්ජාල වන්චා මෙන්ම ජාජ්‍ය විරෝදි කුමන්ත්‍රණය .මඩ ව්‍යාපාර .අපහාස උපහාස අවම කර ගත හැකි අතරම අදාල පුත්ගලයා හදුනා ගත හැකි බව සෞදි අරාබි රජය ඔප්පු කර ඇත.

Media for peace

නව අදහස දක්වන්න