Home » සහන් සහ දුෂාන් අද තරගයට කැඳවයි

සහන් සහ දුෂාන් අද තරගයට කැඳවයි

by chanaka
July 7, 2023 9:54 am 0 comment

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හයදෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(07) පැවැත්වෙන තරගයේදී ධනංජය සහ වනිදු හසරංග විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

සුළු ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා විවේක ගැන්වීමටයි තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අද තරගයට සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත කැදවා ඇත.

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT