Monday, May 20, 2024
Home » බදුරලියේ වෙඩිතැබීමක්

බදුරලියේ වෙඩිතැබීමක්

පුද්ගලයකුට මාරාන්තික තුවාල

by admin
July 21, 2023 11:00 am 0 comment
Shooting in Baduraliya

බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යයම රාත්‍රියේ සිදු කළ වෙඩිතැබීමකින්, බදුරලිය මිදලන ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බැවින් කළුතර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

වෙඩිතැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර එම ගිනිඅවිය සමග වෙඩික්කරු වන බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි ‘රෝස බට්ටා’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT