Home » අඟුරුවාතොට අතුරුදන් වූ තරුණ මවගේ සහ සිඟිත්තියගේ සිරුරු කැලෑවකින් හමුවෙයි

අඟුරුවාතොට අතුරුදන් වූ තරුණ මවගේ සහ සිඟිත්තියගේ සිරුරු කැලෑවකින් හමුවෙයි

by admin
July 21, 2023 11:23 am 0 comment
missing mother and child in Anguruwathota

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදී ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් අද (21) එම සිරුරු සොයාගෙන තිබෙන අතර සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි සිදුකර ඇති බවද වාර්තා වෙයි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි ටශ්මි දිලන්‍යා සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්විය.

පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය වී තිබූ බවද වාර්ථා වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT