Home » ගල්පරවල සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් 11ක් අත්අඩංගුවට

ගල්පරවල සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් 11ක් අත්අඩංගුවට

by sachintha
November 9, 2023 1:00 am 0 comment

මුලතිව්, පුදුමාතලන් මුහුදු වෙරළ ආසන්නයේ ගල්පරවල සඟවා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 23ක් බර පාර්සල් 11ක් මුලතිව් පොලිසිය විසින් පෙරේදා (07) සොයාගෙන තිබේ.

මුලතිව් බුද්ධි අංශයේ හමුදා නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත ඔවුන් ඒ පිළිබඳව මුලතිව් පොලිසියට දැනුම් දීමෙන් පසුව දෙපාර්ශ්වයේම නිලධාරීන් ගොස් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන් එම ස්ථානයට යන විට කේරළ ගංජාවල අයිතිකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.

මුලතිව් පොලිසිය ප්‍රකාශ කළේ ගැනුම්කරුවකු පැමිණෙනතුරු මෙම කේරළ ගංජා තොගය ගල්පර අතර සඟවා තබන්නට ඇති බවයි. මෙම කේරළ ගංජාවල අයිතිකරුවන් සොයා මුලතිව් පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT