Home » එක් දරු මවක ගෙල කපා ඝාතනය කරලා එක ගෙදර ජීවත් වූ මස්සිනා ආගිය අතක් නෑ

එක් දරු මවක ගෙල කපා ඝාතනය කරලා එක ගෙදර ජීවත් වූ මස්සිනා ආගිය අතක් නෑ

by sachintha
November 9, 2023 1:00 am 0 comment

කිරිඳිවැල පොලිස් වසමට අයත් ඌරපොල මීවිටිගම්මන අංක 44 N නිවෙසේ පදිංචිව සිටි 35 හැවිරිදි එක් දරු මවක් වන කොඩිකාරගේ ආශා සංජීවනී නමැති කාන්තාව පෙරේදා (07) සවස් භාගයේ නිවෙස තුළ බිම වැටී සිටිනු දුටු ඇගේ නැන්දම්මා ඇගේ මවට දැනුම් දීමෙන් පසු ඇය පැමිණ පරීක්ෂා කිරීමේදී බෙල්ලේ තිබූ කැපීමකින් ලේ ගලා ගොස් ඇති බව අනාවරණය වූයෙන් කිරිඳිවැල පොලිසියට දන්වා ඇත. කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු ඇගේ බෙල්ල කපා තිබූ බවත්, ඇය මිය ගොස් ඇති බවත් අනාවරණය වීමෙන් පසු පූගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සම්බන්දප්පෙරුම මහතාට දැනුම් දීමෙන් පසු ඒ මහතා එම ස්ථානය පරීක්ෂා කර බලා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේශය වතුපිටිවල රජයේ රෝහලට ගෙන යන ලෙස නියෝග කර ඇත.

මිය ගිය කාන්තාවගේ සැමියා විදේශගතව සිටින අතර නිවෙසේ පදිංචිව සිට ඇත්තේ වයස අවුරුදු එක හමාරක වයසැති ඇගේ දියණිය, ඔහුගේ මව පියා හා සහෝදරයෙක් පමණකි.

ඝාතනයෙන් පසු නිවසේ පදිංචිව සිටි ඝාතනයට ලක්වූ කන්තාවගේ මස්සිනා (සැමියාගේ සහෝදරයා) නිවසෙන් අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

අතුරුදහන්ව ඇති මස්සිනා සොයා පොලිස් විමර්ශන ක්‍රියත්මක කර ඇති අතර මිය ගිය කාන්තාවගේ මළසිරුර වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

කිරිඳිවැල සමූහ – ජී. එස්. තැලිගම කොටදෙනියාව සමූහඑම්. පුෂ්පකුමාර වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT