Home » මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි වෙයි

මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි වෙයි

by yasara
May 6, 2024 10:11 am 0 comment

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (06) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි.

මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන බව බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT